යාපනයේ දී මගී යාත්‍රාවක් අනතුරක


(රොමේෂ් මධුෂංඛ)

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් ගත් මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි මගීන් නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා එම පිරිස බේරාගෙන ඇත.

නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව  කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී අදාල මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය නැවතී ඇති අතර එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුනවී ඇත.

පසුව අදල යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය මගින් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව නාවික හමුදාවටද දැනුම් දී නාවික හමුදාවේද සහය ඇතිව අනතුරට පත් යාත්‍රාෙව් සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම රැගෙන ඒමට කටයුතු කරන ලදි.